ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට සහනයක්

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දින 14ක නිරෝධායන කාලසීමාවට අදාළව ඉන්දීය කණ්ඩායමට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට එරට සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බළධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය නොවැම්බර් 25 වනදා ආරම්භ වන අතර, එම තරග සංචාරයේ දී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක්, තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් සහ තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියක් දෙරට අතර පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලිය ලබන නොවැම්බර් 10 වැනිදා අවසන් වන බැවින් ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රදේශයට පැමිණිමෙන් අනතුරුව දින 14ක නිරෝධායන කාලය ගත කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ, අදාළ කාලසීමාවේ දී පුහුණුවීම් සහ පුහුණු තරග ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන්.

අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට අයත් ඉන්දීය ක්‍රීඩකයින්ට නොවැම්බර් 10 වැනිදා පමණ වන විට ඔස්ට්‍රේලියාවට ළගා වීමේ හැකියාව පවතින අතර, අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට නොවැම්බර් 12 හෝ 13 වැනිදා පමණ වන විට ඔස්ට්‍රේලියාවට ළගා වීමට හැකියාව පවතිනවා.

දින 14ක නිරෝධායන කාලය අවම කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බළධාරීන් අවසර ලබා දුනහොත් ඉන්දීය කණ්ඩායමට නොවැම්බර් 25 වනදා ආරම්භ වන පළමු තරගයට පෙර පුහුණුවීම් සිදු කිරීමට සහ පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...