දුෂ්මන්ත, හූදා හා බදෝනිගේ සටන අපතේ යවමින් ගුජරාට් පිලට කඩුලු 5ක ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 29ක්ව තිබියදී බිද වැටුණු පසුබිමකයි ඔවුන් එම සටන්කාමී ලකුණු ප්‍රමාණය රැස් කළේ.

ඒ, දීපක් හූදා හා අයුෂ් බදෝනි 5 වැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 87(68)ක සබදතාවයෙන් ශක්තිමත් වෙමින්.

හූදා ලකුණු 55(41) කට දැවී ගිය අතර, බදෝනි ලකුණු 54(41)ක් ලබා ගත්තා.

ඉනිම ආරම්භ කළ නායක කේ.එල් රාහුල් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මොහොමඩ් ෂාමි සමත් වූ අතර, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 7කට දැවී ගියා. එවින් ලුවිස් ලකුණු 10යි. මනීෂ් පාන්ඩේ දැවී ගියේ ලකුණු 6ක් ලබා සිටියදීයි.

කෘනාල් පාන්ඩ්යා නොදැවී ලකුණු 21(13)ක් ලබා ගත් අතර, දුෂ්මන්ත චමීර නොදැවී එක් ලකුණක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා. වරුන් ආරෝන් ලකුණු 45කට බිද හෙලූ කඩුලු ගණන 2ක්. රෂීඩ් ඛාන් ලකුණු 27කට කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(161/5)

ෂුබ්මන් ගිල් පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට චමීර සමත් වුණා. විජයි ශන්කර් ලකුණු 4කට දැවී ගියේ ද දුෂ්මන්ත චමීර යොමු කළ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දුෂ්මන්තගේ එම සුවිශේෂී පන්දු යැවීම හමුවේ තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තු ලක්නව් ප්‍රේක්ෂකයින්ට හිමි වුණා.

අනතුරුව නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 33(28)ක් ද, මැතිව් වේඩ් ලකුණු 30(29)ක් ද රැස් කරමින් ගුජරාට් කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා.

ඩේවිඩ් මිලර් ලකුණු 30(21)යි. රාහුල් තෙවාටියා පන්දු 24කින් නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල සදහා පන්දු 34කින් වේගවත් ලකුණු 60ක සබදතාවයක් ගොඩ නැගුණා.
අභිනව් මනෝහාර් නොදැවී ලකුණු 15(7)යි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

අවේෂ් ඛාන්, කෘනාල් පාන්ඩ්යා හා දීපක් හූදා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...