මාෂ්ට පළමු තරගය අහිමි වෙද්දී ඉන්ග්ලිස්ට කොරෝනා

Date:

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට පාකිස්තානය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුර දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි නායක ආරෝන් ෆින්ච් සදහන් කළේ.

ඒ අනුව දෙරට අතර අද(29) ලාහෝර් හී දී පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා මාෂ් වෙනුවට කැමරන් ග්‍රීන් ක්‍රීඩා කරනු ඇති.

මිචෙල් මාෂ්ට ඇතැම් විට පාකිස්තානට එරෙහි ඉදිරි තරග ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් ද මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කරන්නේ ප්‍රබල සංචිතයක් සමගින් නොවේ.

මිචෙල් ස්ටක්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් සීමිත පන්දුවාර තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, කේන් රිචර්ඩ්සන් ද ආබාධයක් හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

එමෙන්ම ස්ටීවන් ස්මිත්ට ද සුළු ආබාධයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වුණා.

මේ අතර, කඩුලු රකින පිතිකරු ජොෂ් ඉන්ග්ලිස්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට දින 5ක කාලයක් හුදෙකලා වීමට සිදුව ඇති බැවින් පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්ග්ලිස්ට අහිමි වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...