දීර්ඝ කාලීන ආබාධයක් නිසා ඩැරල් මිචෙල්ට ටෙස්ට් තරගයක් හා 20යි 20 තරගාවලියක් අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම් අවස්ථාව නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දීර්ඝ කාලයක් පුරා පීඩා විදිමින් සිටින පාදයක ආබාධයක් සුව කර ගැනීම සදහා අවශ්‍ය විවේකය ඔහුට ලබා දීම හේතුවෙන්.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයට අමතරව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය ද අහිමි වන බව සදහන්.

ඩැරල් මිචෙල් මාස හයක හෝ හතක පමණ කාලයක් මෙම ආබාධයෙන් පීඩා විදිමින් සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් ටෙස්ට් තරගය හා ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලිය අහිමි වුවද, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මිචෙල් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කර ඇතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකාවට එරෙහි සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන නැහැ.

ඒ අනුව විල් යන්ග් බොහෝ විට දෙවැනි ටෙස්ට් තරගයේ දී මිචෙල් වෙනුවට කණ්ඩායමට කැදවීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...