‘අසාර්ථක වුණත් තවත් අවස්ථා දීලා බලනවා’ – 2027 ලෝක කුසලානයේ සැලසුම මෙන්ඩිස් පහදයි

Date:

ක්‍රීඩකයින් තරග කිහිපයක් අසාර්ථක වුව ද ඔවුන්ට තවත් තරගාවලි කිහිපයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ දක්ෂතා පිළිබද නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඇෆ්ඝනිස්තානය සමග හෙට(9) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව පැතුම් නිස්සංකට හා අවිශ්ක ප්‍රනාන්දුට තවත් එක්දින තරගාවලි කිහිපයක ආරම්භක පිතිකරුවන් ලෙස එකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන බවයි ඔහු සදහන් කළේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දී අවිශ්ක ප්‍රනාන්දු පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ අතර, පැතුම් නිස්සංක උණ රෝගයකින් පෙළුනු බැවින් එම තරගාවලියට ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින සංචිතය සදහා ද නම් කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස් අද පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් කළේ ඔවුන් දෙදෙනාට තවත් තරගාවලි කිහිපයක් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඔවුන්ගේ දක්ෂතා අධීක්ෂණය කරන බවයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත 2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සැලැස්ම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නායකයා මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අදහස් පල කර සිටියා.

එහිදී ඔහු දකුණු අප්‍රිකාවේ තත්ත්වයන්ට ගැලපෙන පරිදි ක්‍රීඩකයින් සූදානම් කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කළා. විශේෂයෙන්ම ලෝක කුසලානය සදහා ඉතා හොද වේග පන්දු යවන්නන් 5 දෙනෙකු පමණ සූදානම් කර ගත යුතු බවයි මෙන්ඩිස්ගේ අදහස් වන්නේ.

“මගේ ප්ලෑන් එකක් තියෙන්නේ වේග පන්දු යවන්නන් හොදම හතර පස්දෙනෙක් අපිට ඉන්න ඕනේ. ඒ කියන්නේ එයාලා මැච් ගහලා තියෙන්න ඕනෙ මාරු කර කර.” යනුවෙක් කුසල් මෙන්ඩිස් පවසා සිටියා.

“අපි ප්ලෑන් කරලා තියෙනවා ඒගොල්ලෝ කොහොමද මාරු කර කර මැච් ගහන්නේ කියන එක. ඒවගේම අපිට වනිදුයි මහේෂුයි ඉන්නවා ස්පින් එකට. ඒ දෙන්නට අමතරව තව දෙන්නෙක් ඉන්නවා කියන එක අපි හදාගෙන තියෙන්නේ. දැන් අකිල ධනංජය ඉන්නවා ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්නවා. ඉතිං අපි බලන්නේ මේ වගේ තරගාවලි තියෙනකොට එයාලට මැච් එකක් දෙකක් දෙන්න. මොකද අත්දැකීම් අවුරුද්දකින් දෙකකින් ගන්න අමාරුයි. කාලයක් තිස්සේ මැච් ගහලා එයාලාට දෙන්න ඕනෙ. 

“අපි ප්ලෑන් කරලා තියෙනවා ඉස්සරහට යද්දී මොන වගේ ක්‍රීඩකයින් ද අපි ලෝක කුසලානයට අරගෙන යන්න සූදනම් වෙලා ඉන්නේ කියලා. අපි එයාලට මැච් දෙක තුනක් ෆේල් වුණත් අපි එයාලට ටුවර් කිහිපයක් දෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

මේ අතර, එක්දින සංචිතය සදහා හිටපු නායක දසුන් ශානක ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණේ නැහැ.

නමුත් ඔහු නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දී යළි හොදින් දක්ෂතා දක්වා නැවතත් ජාතික කණ්ඩායමට පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි කුසල් මෙන්ඩිස් මාධ්‍ය වෙත සදහන් කර සිටියේ.

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...