කෝලිට තවත් තරග දෙකක් අහිමි වන ලකුණු

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරග දෙක සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රාජ්කෝට් හා රංචි හී දී එම ටෙස්ට් තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, ධරම්සාලා හී දී පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගය ද කෝලිට අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි එම ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එංගලන්ත තරගාවලිය ආරම්භ වීමට දින තුනක් ඉතිරිව ඇති පසුබිමක පසුගිය ජනවාරි 22 වැනිදා පෞද්ගලික හේතුවක් මත කෝලි පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත්ව ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ ඔහු ඉතිරි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිල ප්‍රකාශයක් සිදු කළේ නැහැ.

මේ අතර, ආබාධ හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ කේ එල් රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා මේ වන විට හොදින් සුවය ලබමින් සිටින බැවින් ඉතිරි තරග වෙනුවෙන් ඔවුන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...