දිනේෂ් චන්දිමාල් නේපාල කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම් ගතවී තිබෙනවා.

Bhairahawa Gladiators කණ්ඩායම සමග ඔහු ගිවිසුම් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ 31 හැවිරිදි චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති 20යි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 57ක්.

2014 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයේ ද ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ ඔහු එම තරගාවලියේ පළමු තරග කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ දී ආරම්භ වූ අතර, තරගාවලිය සදහා මේ වන විට ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්.

සැප්තැම්බර් 25 වනදා ආරම්භ වීමට නියමිත 2021 තරග වාරය අවසන් වන්නේ ඔක්තෝබර් 9 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...