ක්‍රිකට් ආයතනයේ කොවිඩ් අර්බුදය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ වැඩකටයුතු අද(11) සිට අවම සේවක පිරිසක් සහිතව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ක්‍රිකට් මූලස්ථානයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් හා රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

සෙසු සේවකයින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රිකට් ආයතනයේ කටයුතු සමග සම්බන්ධ වන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මේ අතර, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක පුනරුත්ථාපන හා ශරීරික යෝග්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, කණ්ඩායම් පුහුණු වැඩසටහන් කිසිවක් සිදු නොවන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ, ආරාධිත විස්සයි 20 ලීගයට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් මේ වන විට මහනුවර ප්‍රදේශයේ රැදී සිටින බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...