කෝලි අභිබවා රූට් ඉදිරියට යද්දී ශකිබ් ලෝකෙන්ම එක වෙයි

Date:

එංගලන්ත නායක ජෝ රූට් නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, මෙතෙක් 4 වැනි ස්ථානයේ පසු වූ ඉන්දීය නායක විරාට් කෝලි 5 වැනි ස්ථානය දක්වා පහතට ඇද දමමින්.

ඉන්දු – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දී ජෝ රූට් ලකුණු 64ක් හා 109ක් රැස් කළ අතර, කෝලි පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගියා.(දෙවැනි ඉනිමේ දී කෝලිට පන්දුවට පහරදීමට අවස්ථාව හිමි වූයේ නැහැ)

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ නවසීලන්ත නායක කේන් විලියම්සන්ට තවදුරටත් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ටත්, තෙවැනි ස්ථානය මර්නස් ලබුෂේන්ටත් හිමිව තිබෙනවා.

මේ අතර, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10කින්.

මේ අතර, බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් පන්දුවාර 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට යළි පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ ඇෆ්ඝනිස්තානයේ මොහොමඩ් නබී දෙවැනි ස්ථානයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...