දෙවැනි තරගය අභියස ඉන්දු – එංගලන්ත කණ්ඩායම් ආබාධ අර්බුදයක

Date:

ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස හෙට(12) ආරම්භ වන තරගය අහිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ජේම්ස් ඇන්ඩර්සන් ද ආබාධයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුට ද දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවත් සදහන්.

ඒ අනුව එංගලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද් කැදවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

බොහෝ විට මාර්ක් වුඩ් හා සකිබ් මහ්මූද් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ද සංචිතයට කැදවා ඇති බැවින් ඔහු ද දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් සංචිතයෙන් ඉවත්ව යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග එක් වීමට නියමිත බවයි.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ශර්දුල් තාකූර් ද ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...