ස්ටුවට් බ්‍රෝඩ්ට ටෙස්ට් තරගාවලියම අහිමි වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු පාදයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

අද ලන්ඩන් නුවර දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි ඔහුට ටෙස්ට් තරගාවලියම ක්‍රීඩා කිරීමට නොහැකි වන බව අනාවරණය වී ඇත්තේ.

ඊයේ(10) සිදු කළ පුහුණුවීම් අතරතුර දී ස්ටුවට් බ්‍රෝඩ් මෙම ආබාධයට ගොදුරු වී තිබුණා.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සකීබ් මහ්මූද් එංගලන්ත සංචිතයට කැදවීමට ද පියවර ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...