දැවැන්ත 6 පහර 4ක් සමගින් චමරි වාර්තා කළ සුපිරි ඉනිම මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ  (Women’s T20 Challenge) මූලික වටයේ තෙවන හා අවසන් තරගයේ දී ද සිය සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කිරීමට Supernovas කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ, Trailblazers කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Supernovas කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව Supernovas ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් චමරි අතපත්තු සහ ප්‍රියා පුනියා පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 89ක්.

පළමු කඩුල්ල ලෙස ප්‍රියා පුනියා ලකණු 30කට දැවී ගියා.

පළමු තරගයේ මෙන්ම වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48කින් ලකුණු 67ක් රැස් කළා.

ඇයගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

චමරි සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 37ක් වැය කරමින්.

ශ්‍රී ලංකාවේ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...