බබාර් 82, පාකිස්තානයට කඩුලු 6ක ජයක් – Match Report

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

පාකිස්තානයේ රාවල්පින්ඩිහි පැවැති තරගයේ කාසියේ වාසියේ දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

Wesley Madhevere පන්දු 48කින් ලකුණු 70ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින්.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් සහ වහබ් රියාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපුරුදු පිතිප්‍රහාරය දියත් කළ නායක බබාර් අසාම් පන්දු 55කින් ලකුණු 82ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඉනිමට එක් කරමින්.

මොහොමඩ් හෆීස් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට(8) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...