චමරි තරගයේ වීරවරිය කරමින් සුපර්නෝවස් කණ්ඩායම අවසන් තරගයට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ක්‍රීඩා කරන Supernovas කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(7) පැවැති මූලික වටයේ තෙවන හා අවසන් තරගයෙන් ඔවුන් Trailblazers කණ්ඩායම පරදා ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Supernovas කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා.

Supernovas ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් චමරි අතපත්තු සහ ප්‍රියා පුනියා පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 89ක්.

පළමු කඩුල්ල ලෙස ප්‍රියා පුනියා ලකණු 30කට දැවී ගියා.

පළමු තරගයේ මෙන්ම වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48කින් ලකුණු 67ක් රැස් කළා.

ඇයගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ශෂිකලා සිරිවර්ධන ලකුණු දෙකකට දුවද්දී දැවී ගිය අතර, හර්මන්ප්‍රීට් කෝවුර් ලකුණු 31ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Trailblazers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින්.

දීප්ති ෂර්මා නොදැවී ලකුණු 43ක් සහ නායිකා ස්ම්රිටි මන්දනා ලකුණු 33ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශකීරා සෙල්මන් (Shakera Selman) සහ රාධා යාදේව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශෂිකලා සිරිවර්ධන පන්දුවාර 3ක් යොමු කර ලකුණු 19ක් ලබා දුන් නමුත් කඩුල්ලක් දවා ගැනීමට ඇයට මෙම තරගයේ දී හැකි වූයේ නැහැ.

තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තේ චමරි අතපත්තු.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග Velocity කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, තරගාවලියේ අවසන් තරගය අනිද්දා(9) Supernovas  සහ Trailblazers කණ්ඩායම් අතරම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...