LPL තරගාවලියේ දින යළිත් සංශෝදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දින යළි සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව ලබන 27 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ තරගාවලිය ඊට එක් දිනකට පෙර, එනම් ලබන 26 වනදා ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර තරගාලිය දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

මෙවර පළමුවරට පැවැත්වෙන තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පමණක් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට පළමුව තීරණය කර තිබූ අතර, පසුව නොවැම්බර් 14 වනදා දක්වාත්, අනතුරුව 21 වනදා දක්වාත් කල් දැමුණා.

පසුගිය 5 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණේ තරගාවලිය 27 වනදා දක්වා කල් දැමීමටයි.

මේ අතර, සංශෝදිත නව තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

නව තරග කාලසටහන සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...