දශකයකට පෙර මුරලි ඉතිහාසගත වූ පන්දුව

Date:

ලෝක ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙන්නේ 2010 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුරයි.

එම තරගාවලියේ පළමු තරගයෙන්ම තමන් විශ්‍රාම ගන්නා බව මුරලිදරන් ප්‍රකාශ කර සිටීම කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ වගේම සමස්ත ක්‍රීඩා විචාරකයන්ගේ පවා වික්ෂිප්තයට කරුණක් වූයේ එම මොහොතේදීත් ටෙස්ට් කඩුලු 800 යේ කඩඉම ළඟා කරගැනීමට මුරලිදරන්ට තවත් කඩුලු 8 ක් අවශ්‍යව තිබු නිසාවෙන්.

ඉන්දිය පිතිකරුවන් කෙතරම් සාර්ථකව දඟ පන්දුවට මුහුණ දුන්නත් මුරලිට තමන්ගේ දුශ්රාව පිළිබඳව වඩාත් විශිවාසයක් තියෙන්නට ඇති.

සිය අවසන් ටෙස්ට් තරගයේ පන්දු යැවූ පළමු ඉනිමේදී කඩුලු 5 ක් බිඳ හෙලීමට මුරලි සමත් වෙනවා.

මුරලිගේ කඩුලු 800 යේ කඩඉමට තවත් කඩුලු 3 ක් අවශ්‍යව තිබූ අවස්ථාවක ඉන්දියාව සිය දෙවන ඉනිම ආරම්භ කරනවා.

ඉන්දිය ඉනිමේ මුල් කඩුලු හතර දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් යුගලය වූ ලසිත් මාලිංග සහ චානක වෙලගෙදර සමත්වෙනවා.

පස්වෙනි කඩුල්ල ලෙස ලකුණු 5 ක් ලබාසිටි යුවරාජ් සිං මහේල ජයවර්ධන අතට උඩ පන්දුවක් ලබාදී දැවීයන්නේ මුරලිට අස්වැසිල්ලක් ඉතිරි කරමින්.

අනතුරුව හර්බජාන් සිංව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් මුරලිදරන් විසින් දවාගනු ලබන්නේ තම බලාපොරොත්තුව වෙත තව තවත් ළගා වෙමින්.

කෙමෙන් කෙමෙන් ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව 314 ක් ව තිබියදී කඩුලු 9 ක්ම දැවීගොස් අවසන්.

තවත් ඇත්තේ එක් කඩුල්ලක් පමණයි – කඩුල්ලේ රැඳී සිටියේ ප්‍රාග්යන් ඕජා සමගින් ඉෂාන්ට් ශර්මා.

අවසන් කඩුල්ල මුරලිදරන් දවාගත යුතුමයි.

පන්දුවාර පහක් යොමුකළත් මුරලි සාර්ථක වන්නේ නැහැ.

ඉනිමේ 115 වැනි පන්දුවාරයේ හතරවෙනි පන්දුව, එනම් මුරලිගේ සමස්ත ක්‍රිකට් දිවියේ දෛවෝපගත පන්දුව ප්‍රාග්යාන් ඕජා වෙත ඔහු යොමුකරනවා.

එයට උඩපන්දුවක් මහේල අතට ලබාදී ඕජා දැවී යන්නේ ටෙස්ට් තරගයක දී මුරලි යැවූ පන්දුවක් හමුවේ පිතිකරුවෙකු විසින් මහේල අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය 77 වැනි අවස්ථාව සනිටුහන් කරමින්.

එදා මෙදා තුර බිහිවූ ලොව විශිෂ්ඨතම දග පන්දුයවන්නා ටෙස්ට් කඩුලු 800 යේ කඩඉම ද එලෙසින් සිනිටුහන් කළා.

සැමරුම් පිටිය සිසරා, දිවයින පුරා ආරම්භ වනවා.

මෙම ලෝක වාර්තාව බිදදැමීමට හැකි ජගතෙකු යළි මෙලොව බිහි වනු ඇතැයි සිතිය නොහැක.

මුරලිගේ මෙම ලෝක වාර්තාව යළි අප සිහිපත් කළේ ඔහු සිය 800 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලා ඊයේ(22) දිනට වසර 10ක් සපිරිම නිමිති කර ගනිමින්.

මුරලි සිය 800 වැනි කඩුල්ල දවා ගත් අයුරු පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...