අවසන් තරගයට එංගලන්ත සංචිතය නම් කෙරේ – ආචර්ටත් කැදවීමක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් දෙවන තරගයෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ද සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම වරද හේතුවෙන් ඔහුට දඩ නියම කිරීමට සහ නිල අනතුරු ඇගවීමේ ලිපියක් ද නිකුත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ජේම්ස් ඇන්ඩර්සන් සහ මාර්ක් වුඩ් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයේ පසුවන අතර, අවසන් තරගය හෙට(24) මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for final Test:

Joe Root (Yorkshire) captain, James Anderson (Lancashire), Jofra Archer (Sussex), Dominic Bess (Somerset), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ollie Pope (Surrey), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...