දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 73 ක අනර්ඝ ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමට රැගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(15) සමත් වුණා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

දග පන්දු යවන්නන්ට වාසි දායක වූ දඹුලු තණතීරුව තුළ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි. එය කොදෙව් කණ්ඩායමක් විස්සයි 20 පිටියේ දී ලබා ගත් 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යවයි.

ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 5කටත්, එවින් ලුවිස් ලකුණු 7කටත් දැවී ගියා. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලබා ගත්තේ ලකුණු 4 ක් පමණයි. රොස්ටන් චේස් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 14 ක් ලබා ගත් අතර, ගුඩකේෂ් මෝති රැස් කළ ලකුණු සංඛ්‍යාව 4 ක්. රොමාරියෝ ෂෙපර්ඩ් එක් ලකුණකට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 20 ක් රැස් කළ නායක රොව්මන් පවෙල්. අල්සාරි ජෝසප් ලකුණු 16 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිය මංගල විස්සයි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 9කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු දෙකක් බිද හෙලුවා. චරිත් අසලංක හා වනිදු හසරංග අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක ආරම්භක කඩුල්ලට ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර 10 ක් තුළදීයි.

මෙන්ඩිස් ලකුණු 26(25) කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක පන්දු 49 කින් ලකුණු 54 ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින්.

කුසල් පෙරේරා ලකුණු 24(16) ක් ලබා ගත්තා. කමිදු මෙන්ඩිස් ලකුණු 19(14)යි. නායක චරිත් අසලංක ලකුණු 9කට දැවී ගිය අතර, භානුක රාජපක්ෂ හා වනිදු හසරංග නොදැවී ලකුණු 5 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...