බාබර් වෙනුවට කැදවූ ගුලාම් මංගල තරගයේදීම වාර්තා කළ ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට

Date:

පාකිස්තානය හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(15) මුල්තාන්හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 259 ක්.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 7කටත්, ශාන් මසූඩ් ලකුණු 3කටත් දවා ගැනිමට ජැක් ලීච් සමත් වුණා.

කෙසේ වෙතත්, බාබර් අසාම් වෙනුවට මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් කම්රන් ගුලාම් ලකුණු 118 ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා. බාබර් අසාම් දිගින් දිගටම ටෙස්ට් පිටියේ දී දක්වන අසාර්ථකත්වය හමුවේ ඔහුව අවසන් ටෙස්ට් තරග දෙකෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගත්තේ.

කම්රන්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඇතුළත්. සයීම් අයුබ් ලකුණු 77 ක් ලබා ගත්තා.

සවුද් ශකීල් ලකුණු 4 යි. නොදැවී පන්දුවට පහර දෙන මොහමඩ් රිස්වාන් ලකුණු 37 ක් හා සල්මන් ආගා ලකුණු 5ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ජැක් ලීච් බිද හෙලූ කඩුලු දෙකට අමතරව මැතිව් පොට්ස්, බ්‍රයිඩන් කාර්ස් හා ශොයිබ් බෂියර් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම තරගය සදහා පාකිස්තානය දග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් ප්‍රධාන වේග පන්දු යවන්නෙකු (ආමිර් ජමාල්) සමගින් ක්‍රීඩා කරනවා. එංගලන්ත කණ්ඩායම සදහා මෙම තරගයේ දී වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව ආබාධයක් හේතුවෙන් මාස දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි නායක බෙන් ස්ටොක්ස් යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.

ක්‍රිස් වෝක්ස් වෙනුවට ඔහුව කණ්ඩායමට ආදේශ කෙරුණු අතර, මැතිව් පොට්ස් කණ්ඩායමට ආදේශ කර ඇත්තේ ගස් ඇට්කින්සන්ට විවේකයක් ලබා දීම හේතුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...