Watch : පැතුම් නිස්සංක එක් පන්දුවාරයකදී ගහපු හතරේ පහර 6 මෙන්න

Date:

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට එරෙහිව යොමු කළ පන්දුවාරයකදී බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් අතින් අද ලකුණු 25 ක් ලබා දීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

මෙම තරගයෙන් ලකුණු 73 ක අනර්ඝ ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමට රැගෙන ඒමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 49 කින් ලකුණු 54 ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින්.

ඔහු මුහුණ දුන් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදීයි හතරේ පහර හයක් වාර්තා වුණේ. ඒ අනුව එම පන්දුවාරයේ දී වයිඩ් ලකුණක් ද සමගින් ලකුණු 25 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...