දකුණු අප්‍රිකා වසරේ ක්‍රිකට් සම්මානලාභීන් මෙන්න

Date:

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර දිනා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා.

ජනෙමන් මලාන් වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසත්, ඒඩ්න් මාක්‍රම් වසරේ 20යි 20 ක්‍රීඩකයා ලෙසත් සම්මාන හිමි කර ගත්තා.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වේග පන්දු යවන ක්‍රීඩක මාර්කෝ ජන්සෙන්.

ප්‍රේක්ෂකයින්ගේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගත්තේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්.

මේ අතර, වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට Ayabonga Khaka සමත් වූ අතර, වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ Laura Wolvaardt.

වසරේ 20යි 20 ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී සිටින Lizelle Lee සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...