කඩුලු 8 ක ජයකින් කොදෙව්වන්ට සැනසුම්දායක අවසානයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

කෙසේ වෙතත්, තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

ජැමයිකාවේ Sabina Park ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 145 ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් පන්දු 26 කින් ලකුණු 41 ක් රැස් කළ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 24 (27)ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 21(17) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ඔඩියන් ස්මිත් ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. අකීල් හොසේන් ලකුණු 28 කට දවා ගත් කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ බ්‍රෙන්ඩන් කිංග් හා ශමාර් බෘක්ස් වාර්තා කළ අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමින්.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 35 කින් ලකුණු 53 ක් ද, ශමාර් බෘක්ස් පන්දු 59 කින් නොදැවී ලකුණු 56 ක් ද ලබා ගත්තා.

මෙම තරගයේ දී කොදෙව් කණ්ඩායම මෙහෙය වූ රොව්මන් පවෙල් නොදැවී ලකුණු 27 ක් ලබා ගත්තේ පන්දු 15 කින්.

පන්දු යැවීමේ දී ටිම් සවුති හා ඉෂ් සෝදි කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...