ඇඩම් මිල්න් පන්දු සියයෙන් ඉවතට

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඒ අනුව Birmingham Phoenix කණ්ඩායම විසින් සිය සංචිතය සදහා ඔහු වෙනුවට විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ Ben Dwarshuis සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

The Hundred තරගාවලියේ පළමු අදියරේ දී කඩුලු 12 ක් දවා ගනිමින් තරගාවලියේ සම වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ ඇඩම් මිල්න්.

ඔහු අවසන් වරට තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය මාර්තු මාසයේ පැවැති තරගයකදීයි.

එම තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහු, මෙවර තරගාවලියේ දී මුහුණ දුන් පළමු තරගයේ දී ම පාදයක ආබාධයකට ලක් වුණා.

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වීමේ අවස්ථාව උදා වූයේ ද ඔහුට සිදු වූ එම ආබාධය හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් ඇඩම් මිල්න්ට නවසීලන්ත කණ්ඩායම මෑතකදී නිමා කළ යුරෝපා තරග සංචාරයෙන් ද ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...