දකුණු අප්‍රිකා ක්‍රිකට් තහනම් වීමේ අවධානම තවත් ඉහළට

Date:

දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරීමේ දැඩි අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ, එරට ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට මැදිහත් වීමට අදහස් කරන බවට දකුණු අප්‍රිකා රජය ප්‍රකාශ කිරීමත් සමගයි.

ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිදු කර ඇති විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙලෙස එහි කටයුතුවලට මැදිහත් වන බවයි එරට ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

මෙම මැදිහත් වීම සම්බන්ධයෙන් තමා ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) ද දැනුවත් කළ බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති රීති ප්‍රකාරව කිසිදු සාමාජික රටක ක්‍රිකට් ආයතනවලට රජයේ මැදිහත් වීමක් සිදු නොවිය යුතු අතර, එම ආයතන ස්වාධීනව ක්‍රියා කළ යුතුයි.

එසේ නොවන්නේ නම් අදාළ රටට එරෙහිව ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමේ බලය අයි.සී.සීය සතු වනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ස්වාධීන විමර්ශනයක් සිදු කෙරුණු අතර, එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රධාන විධායක නිළධාරිවරයා ද පසුගිය අගෝස්තු මාසයේ දී ධූරයෙන් පහ කෙරුණා.

ඒ, සිදු කළ බව කියන විෂමාචාර ක්‍රියා හේතුවෙන්.

අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් එහි පාලනය සියතට ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව (SASCOC) පසුගිය සැප්තැම්බර් 10 වැනිදා තීරණය කළ‍ේ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙසට ලිඛිතව දන්වමින්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රිකට් බළධාරීන් ඊට එකගතාවය පල කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...