දකුණු අප්‍රිකාවේ නව නායිකාව තහවුරු කෙරේ

Date:

Laura Wolvaardt දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ නිත්‍ය නායිකාව ලෙස පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා කාන්තා සංචිතය අද නිවේදනය කෙරුණා.

20යි 20 සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. දෙසැම්බර් 3 වැනිදා දකුණු අප්‍රිකාවේ Benoni හී දී ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා වන එරට කාන්තා සංචිතයට ආබාධ හේතුවෙන් Ayabonga Khaka, Chloe Tyron හා Nadine de Klerk ඇතුළත්ව නැහැ.

20යි 20 තරගාවලියෙන් Marizanne Kapp විවේක ගන්වා තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Ayanda Hlubi හා Eliz-Mari Marx ද සංචිතයට ඇතුළත්.

T20I Squad:

Anneke Bosch, Tazmin Brits, Annerie Dercksen, Mieke de Ridder, Lara Goodall, Ayanda Hlubi, Sinalo Jafta, Masabata Klaas, Sune Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Nondumiso Shangase, Delmi Tucker, Laura Wolvaardt (C)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...