පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

තමා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් සදහන් කර ඇත්තේ.

වසීම් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55 ක් හා 20යි 20 තරග 66 ක් ක්‍රීඩා කර ඇති අතර, අවසන් වරට ඔහු පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැති 20යි 20 තරගයකදීයි.

මේ වන විට 34 වැනි වියේ පසුවන ඉමාඩ් වසීම් 2006 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනා ගත් පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

2015 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ඔහු එක්දින තරගවලදී ලකුණු 986 ක් ද, 20යි 20 තරගවලදී ලකුණු 486 ක් ද රැස් කර තිබෙනවා.

එක්දින තරගවලදී කඩුලු 44 ක් දවා ගෙන ඇති ඔහු 20යි 20 පිටියේ දී බිද හෙලූ කඩුලු ගණන 65 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...