දකුණු අප්‍රිකාවට එරෙහි කොදෙව් මූලික සංචිතය නම් කෙරේ

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික සංචිතයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකු ඊට ඇතුළත් අතර, එය එළඹෙන 7 වැනිදා වන විට ක්‍රීඩකයින් 13 දෙනෙකු දක්වා අවම කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සංචිතයට 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක Jayden Seales ද නම් කර තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූනි 10 වනදා ද, දෙවැනි තරගය ජූනි 18 වනදා ද ආරම්භ වන අතර, තරග දෙකම ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අවසන් තරගාවලියයි.

කොදෙව්වන් එහි ප්‍රසාද ලකුණු සටහනේ (ප්‍රතිශත අනුව) 6 වැනි ස්ථානයේ පසු වන අතර, දකුණු අප්‍රිකාව රුදී සිටින්නේ 7 වැනි ස්ථානයේ යි.

WI Squad:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Darren Bravo, Roston Chase, Rahkeem Cornwall, Joshua da Silva, Shannon Gabriel, Jahmar Hamilton, Jason Holder, Shai Hope, Alzarri Joseph, Kyle Mayers, Kieran Powell, Kemar Roach, Jayden Seales, Jomel Warrican

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...