අයර්ලන්තය සුපර් ලීගයේ 9 වැනි තැනට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය අද(4) සමත් වුණා.

නෙදර්ලන්තයේ Utrecht හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 157ක් පමණයි.

පිළිතුරු ලෙස අයර්ලන්තය ඉනිම නිමා වීමට පන්දු 42ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

නායක Andy Balbirnie නොදැවී ලකුණු 63ක් සහ පෝල් ස්ටර්ලින්ග් ලකුණු 52ක් රැස් කරමින් අයර්ලන්තයට ජය තහවුරු කර දුන්නා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.

මෙම ජයත් සමග සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අයර්ලන්තය සමත් වුණා.

නෙදර්ලන්තය 9 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. අයර්ලන්තය : තරග 8 – ප්‍රසාද ලකුණු 20
  10. නෙදර්ලන්තය : තරග 2 – ප්‍රසාද ලකුණු 10
  11. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...