ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඩේලි නිව්ස් වාර්තා කර ඇත්තේ ක්‍රිකට් බළධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව තරගාවලිය අගෝස්තු අග දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි.

ලබන ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙහි පළමු අදියර පසුගිය වසරේ දී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව පවත්වා අවසන් කෙරුණා.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පැවැති තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...