තෙවන පාර්ශවයක බලපෑමකට අප යටත් වී නැහැ : ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි

Date:

ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධියට අදාළ නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් උපදෙස් ලබා දුන් බවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියකු පල කළ ට්විටර් පණිවිඩය තම ආයතනය හෙළා දකින බවත්, එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ සිද්ධියට අදාළ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෙවන පාර්ශවයක කිසිදු බලපෑමකට ලක්ව නොමැති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එබැවින් එම ට්විටර් පණිවිඩය ද්වේෂ සහගත චේතනාවෙන් ලියා ප්‍රකාශයට පත් කර ඇති පදනම් විරහිත ට්විටර් පණිවිඩයක් බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීමේ හා ආයතනය කෙරෙහි ජනතාව අතර වෛරය පැතිරවීමේ අරමුණින් පල කර ඇති ට්විටර් පණිවිඩයක් බවත් ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සදහන්.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති නිලධාරීන් සමඟ සාකච්ඡා කර, ලද උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියට අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

Also Read : ධනුෂ්කගේ සිද්ධිය හොයන්න ක්‍රිකට් ආයතනයෙන් විමර්ශන කමිටුවක්

ඒ අනුව තෙවන පාර්ශවයක මැදිහත් වීමකින් තොරව මෙම සිද්ධිය වෘත්තීයමය වශයෙන් හසුරුවනු ලබන බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...