ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට අලුත් මුහුණු 3ක්

Date:

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව හෙවත් ICC Cricket Hall of Fame ලැයිස්තුවට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන හිටපු දග පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කාදීර්, එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන Charlotte Edwards හා බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වන ශිව්නරීන් චන්දර්පෝල් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අයි.සී.සී Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.

ඒ අනුව 2016 වසරේ දී මුත්තයියා මුරලිදරන් ද, 2021 වසරේ දී කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද මෙම ලැයිස්තුව සදහා ඇතුළත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...