තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් සටනට සුදුසුකම් ලබයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් වුණා.

ඒ, බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Nashra Sandhu ලකුණු 17 කට කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

බිස්මාහ් මරූෆ් ලකුණු 42 ක් රැස් කළ අතර, Nida Dar ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 15 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබුවේ වසර 14 කට පසුව වීම විශේෂත්වයක්.

https://twitter.com/cric12222/status/1580513102025879555?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...