බංග්ලාදේශය අන්තිම තරගයත් අවසන් මොහොතේ දී පරදියි

Date:

නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කිසිදු තරගයක් ජයග්‍රහනය කිරීමට අපොහොසත් වෙමින් අවසන් කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට අද (13) සිදු වුණා.

ඒ, තරගාවලියේ 6 වැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වීමත් සමගයි.

ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිතිකරුවන් සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නියමිත පන්දුවාර 20 තුළ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ලිටොන් දාස්ගේ හා ශකිබ් අල් හසාන්ගේ විශිෂ්ඨ ඉනිම් ද්විත්වයෙන් ශක්තිමත් වෙමින්.

ලිටොන් දාස් පන්දු 42 කින් ලකුණු 69 ක් හා ශකිබ් පන්දු 42 කින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා මොහමඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා යළිත් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මොහමඩ් රිස්වාන් හා බාබර් අසාම් සමත් වුණේ ලකුණු 101 ක් පළමු කඩුල්ලට එක් කරමින්.

රිස්වාන් ලකුණු 69(56) කටත්, බාබර් ලකුණු 55(40) කටත් දැවී ගියා. පාකිස්තානය ජයග්‍රහනය කරා රැගෙන ගිය මොහමඩ් නවාස් පන්දු 20 කින් වේගවත් ලකුණු 45 ක් නොදැවී වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශය මෙම තුන්කොන් තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග හතරම පරාජයට පත් වූ අතර, නවසීලන්තය හා පාකිස්තානය තරග 3 බැගින් ජය ගනිමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...