නවසීලන්තය පරදා තුන්කොන් ක්‍රිකට් ශූරතාවය පාකිස්තානයට

Date:

නවසීලන්තයේ පැවැති තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සත්කාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

මොහමඩ් නවාස් නොදැවී ලකුණු 38 ක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 25 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා. මොහමඩ් රිස්වාන් ලකුණු 34 ක් ද, හෙයිදර් අලී ලකුණු 31 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 14 කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 නිමා කළේ කළේ 7ක් දැවී ලකුණු 163 ක් ලබා ගනිමින්.

කේන් විලියම්සන් පන්දු 38 කින් ලකුණු 59 ක් ලබා ගත්තා. ග්ලේන් පිලිප්ස් ලකුණු 29 ක් හා මාර්ක් චැප්මන් ලකුණු 25 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...