තාලේබාන් සමග සාකච්ඡාවෙන් පසු ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Azizullah Fazli පත් කර තිබෙනවා.

එරට පාලනය තලේබාන් සංවිධානය යටතට පත්වීමෙන් පසුව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ පළමු ප්‍රධාන වෙනස්කම එයයි.

මීට පෙර ද Fazli ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

ඒ, 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2019 වසරේ ජූලි මාසය දක්වායි.

තලේබාන් සංවිධායනය හා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි Azizullah Fazli සභාපති ධූරයට පත් කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම නව සභාපතිවරයාගේ පළමු අභියෝගය බවට පත්වනු ඇති.

කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් තවමත් ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් ආරම්භ කර නොමැති බැවින් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීම සදහා ඔවුන්ව ගොඩබිමින් පාකිස්තානයට පිටත් කර අනතුරුව ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කරමින් සිටින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...