තෙවැනි ටෙස්ට් තරගය අභියස එංගලන්තය තවත් අර්බුදයක

Date:

දකුණු උරහිසේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු සෙසු ක්‍රීඩකයින් සමග තවදුරටත් ලීඩ්ස් හි රැදී සිටිමින් සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සිදු කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී මාර්ක් වුඩ් කඩුලු 5ක් දවා ගත් අතර, එම තරගයේ පන්දු රකිමින් සිටියදීයි ඔහු මෙම ආබාධයට ගොදුරු වුණේ.

එංගලන්ත කණ්ඩායමට මේ වන විටත් බෙන් ස්ටොක්ස්, ජොෆ්ර ආචර්, ක්‍රිස් වෝක්ස් හා ස්ටුවට් බ්‍රෝඩ් වැනි ක්‍රීඩකයින් විවිධ හේතු නිසා අහිමි වී තිබෙනවා.

තෙවැනි ටෙස්ට් තරගය සදහා එංගලන්ත සංචිතයට ඩාවිඩ් මලාන් හා සකිබ් මහ්මූද් කැදවීමට ද එරට පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා කටයුතු කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය ලබන 25 වනදා ලීඩ්ස්හී දී ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...