ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට තිරණය කර තිබෙනවා.

ඒ, තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය ලබා ගැනීමත් සමග කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම හේතුවෙන් සහ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව දින 10ක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

මීට පෙර එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එරට පැවැත්වෙන වෙනත් තරගාවලි හේතුවෙන් අදාළ තරගාවලිය හම්බන්තොට දී පැවැත්වීමට තීරණය කෙරුණා.

කාබුල් ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම නිසා ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ගොඩබිමෙන් පාකිස්තානයටත්, අනතුරුව ගුවන් මගින් ඩුබායි නුවරටත්, පසුව ශ්‍රී ලංකාවටත් පිටත් කර හැරීමටයි සැලසුම් කරමින් තිබුණේ.

කෙසේ වෙතත්, කොවිඩ් 19 මාර්ගෝපදේශ හේතුවෙන් එය දැඩි අසීරු කටයුත්තක් බවට පත්වීම නිසා තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එක්දින තරගාවලිය ලබන සැප්තැම්බර් 3 වනදා සිට පැවැත්වීමට නියමිතව ඇති නමුත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිළිබද මෙතෙක් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...