තාකූර්ගේ වාර්තාගත කඩුලු 7 ඉන්දියාව යළි සටනට අවතීර්ණ කරයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(4) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටියා.

චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 35ක් හා අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනට තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 229ක් පමණයි.

මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ කීගන් පීටර්සන් ලකුණු 62කටත්, ටෙම්බා බවුමා ලකුණු 51කටත් දැවී ගියා.

වාර්තාගත පන්දු යැවීමක නිරත වූ ශර්දුල් තාකූර් ලකුණු 61කට කඩුලු 7ක් දවා ගත්තා.

එය ඔහු ටෙස්ට් පිටියේ දී කඩුලු පහේ අවස්ථාවක් දවා ගත් පළමු අවස්ථාව වන අතර, දකුණු අප්‍රිකාවේ දී ඉන්දියාව වෙනුවෙන් පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයකදී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දීය පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ද වනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 202ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 58ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...