ඩුසේන් දැවී ගිය ආන්දෝලනාත්මක උඩ පන්දුව ගැන අහන්න එල්ගර් විනිසුරුවන් හමුවෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද(4) දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කළ අවස්ථාවේ දී දකුණු අප්‍රිකා ටෙස්ට් නායක ඩීන් එල්ගර් හා කළමණාකරු Khomotso Masubelele තරග නිළධාරීන් හමු වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා පිතිකරු රසී වැන් ඩර් ඩුසේන්ගේ ආන්දෝලනාත්මක දැවී යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.

ඔවුන් දෙදෙනා පිටියේ විනිසුරුවන්, තෙවන විනිසුරු හා තරග තීරකවරයා හමු වී ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ශර්දුල් තාකූර් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී රසී වැන් ඩර් ඩුසේන් අද දැවී ගියේ.

එම දැවී යාමෙන් පසුව තරගය දිවා ආහාරය සදහා නතර කිරීමට ද පියවර ගැනුණා.

කෙසේ වෙතත්, අදාළ උඩ පන්දුව රිෂාබ් පාන්ට් විසින් නිසි පරිදි රැක ගත්තේ දැයි සැක සහිත බවක් ඇති වූයේ පුනරූපනවලින් එම පන්දුව බිම පතිත වන ආකාරයක් දක්නට ලැබීම හේතුවෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...