තව අවුරුදු 4ක් විතර ක්‍රීඩා කරනවා ; යෝග්‍යතාවය ගැන කෝලිගෙන් ඉගෙන ගන්න ඕනේ : භානුක

Date:

ඉන්දීය කණ්ඩායමේ හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි යනු ‘ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ’ බව පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ විරාට් කෝලි සිය ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්නා ආකාරය පිළිබද තමාට ඉගෙන ගත යුතු බවයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින භානුක රාජපක්ෂ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී පන්දු 22කින් වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා. එම ඉනිම අදාළ තරගයෙන් පංජාබ් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට ද දායකත්වය ලබා දුන්නා.

කෙසේ වෙතත්, මේ වන විට අයි.පී.එල් තරගාවලිය නියෝජනය කළ ද, ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් ඔහුට මෑතකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකි වූයේ නැහැ.

ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලුව මත පදනම්ව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තීරණය කළ නමුත්, පසුව ඔහු යළි එම තීරණය ඉල්ලා අස් කර ගත්තේ පාර්ශව රැසකින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.

“ක්‍රීඩකයෙකු ලෙස ඔබට ඔබේ යෝග්‍යතාවය අවශ්‍ය නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. මට නම්, ඇත්ත වශයෙන්ම පළමුවෙන් එන්නේ දක්ෂතාවය. ඊට පස්සේ යෝග්‍යතාවය, නමුත් ඔබ ප්‍රමාණවත් තරම් යෝග්‍ය නොවේ නම්, ඔබට අනිවාර්යයෙන්ම දක්ෂතා දැක්විය නොහැකියි.” යනුවෙන් භානුක රාජපක්ෂ PTI පුවත් සේවය වෙත සදහන් කළා.

“ඇත්තටම මම මගේ ශාරීරික යෝග්‍යතාව ගැන ගොඩක් මහන්සි වෙනවා. මට විවේකයක් ලැබෙන සෑම විටම මම උදේම ජිම් එකට යනවා. රට නියෝජනය කිරීම සඳහා ශාරීරික යෝග්‍යතා අවශ්‍යතා කිහිපයක් තිබෙන නිසා වගේම ශාරීරික යෝග්‍යතාවය සමඟ මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය දිගු වේවි.”

“කණ්ඩායමෙන් පිටත විරාට් කෝලි සෑම විටම මට කතා කර ශාරීරික යෝග්‍යතාව පිළිබඳ උපදෙස් ලබා ගත හැකි අයෙක්. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඔහු සිටින්නේ වෙනත් මට්ටමක. මට නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.”

“යෝග්‍යතාවය හෝ කුසලතාවය ගැන බැලුවත්, ඔබට ඔහුව ඕනෑම කෙනෙකුට සමාන කළ හැකියි. ඔහු ඉතා වෙහෙස මහන්සි වී ක්‍රීඩා කරනවා. ඔහු සමඟ කතා කිරීමෙන් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකියි.” යනුවෙන් භානුක වැඩිදුරටත් කියා සිටියා.

“ඉදිරි වසර තුන හතර ක්‍රීඩා කරලා රට වෙනුවෙන් හොඳම දේ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොකද මගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ මට ඒක ආපහු ඉල්ලා අස්කරගන්න සිද්ධ වුණේ මම තාක්ෂණික කමිටුව සහ ක්‍රීඩා ඇමැතිවරයා එක්ක සාකච්ඡා කිහිපයක් කළ නිසා. ඔවුන්ට මගේ විශ්‍රාම ගැනීම නැවත සලකා බැලීමට අවශ්‍ය වුණා, මම එය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...