වනිදුගේ සුපිරි දක්ෂතාවයන් හමුවේ RCB කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක්

Date:

වනිදු හසරංගගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමට වනිදු හසරංග ප්‍රමුඛ බැංගලෝර් පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගය හමුවේ පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ඩ්‍රි රසල් පන්දු 18කින් ලකුණු 25ක් ලබා ගත්තා. උමේෂ් යාදෙව් ලකුණු 18යි.

සෑම් බිලින්ග්ස් ලකුණු 14කටත්, නායක ෂ්රෙයස් අයියර් ලකුණු 13කටත් දැවී ගියා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 20කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෂ්රෙයස් අයියර්, සුනිල් නාරායන්, ෂෙල්ඩන් ජැක්සන් හා ටිම් සවුති යන පිතිකරුවන්. (එහි දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

මෙම දක්ෂතාවය වනිදු හසරංග අයි.පී.එල් පිටියේ දී ප්‍රදර්ශනය කළ සිය හොදම පන්දු යැවීමේ දක්ෂතාවය වන අතර, මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීයා වන්නේ ද ඔහුයි.(කඩුලු 5ක්)

ආකාෂ් දීප් ලකුණු 45කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(132/7)

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 17ක් තුළ බිද වැටුණේ අනුජ් රාවත් ලකුණු නොලබාත්, ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 5කටත්, විරාට් කෝලි ලකුණු 12කටත් දැවී යාමත් සමගයි.

ඩේවිඩ් විලී ලකුණු 18(28)ක්, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 28(40)ක් හා ශහ්බාස් අහ්මඩ් ලකුණු 27(20)ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම යළි ගොඩ ගැනීමට දායකත්වය ලබා දුන්නා.

වනිදු හසරංග ලකුණු 4කට දැවී ගියා. හර්ෂාල් පටෙල් නොදැවී ලකුණු 10(6)යි. දිනේෂ් කාර්තික් පන්දු 7කින් නොදැවී ලකුණු 14ක් ලබා බැංගලෝර් කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 20කට කඩුලු 3ක් හා උමේෂ් යාදෙව් ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසරංග.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...