සිය නව කඩුලු සැමරුමේ රහස වනිදු හෙළි කරයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ දිනවල ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ද වැඩි අවදානයට ලක්ව තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මේ වන විට දක්වමින් සිටින දක්ෂතා හේතුවෙන්.

ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ද ඔහු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද කඩුලු 5ක් බිද හෙලා ඇති වනිදු හසරංගයි.

මෙවර තරගාවලියේ දී ඔහු විසින් කඩුලු සැමරුම් සිදු කිරීම නව ආකාරයකින් සිදු කරනු දක්නට ලැබුණා.

ඊට හේතුව වනිදු විසින් ඊයේ පැවැති තරගයෙන් පසුව තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ දී අනාවරණය කළා.

“මගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා නෙයිමාර්. මම කරන සැමරුම ඔහුගේ සැමරුමක්. මම ක්‍රීඩා කරන්න ගියාම කිසිම පීඩනයක් ගන්නේ නැහැ. ඒක නිසයි මම සාර්ථක වෙන්නේ කියලයි මට හිතෙන්නේ “ යනුවෙන් හසරංග සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...