තරග සංචාරයකට පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්; ශ්‍රී ලංකාවත් කැමත්තෙන්

Date:

සිය රටේ දී කෙටි තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා පැමිණෙන්නැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට ආරාධනාවක් සිදු කර තිබෙනවා.

ඒ, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරග සංචාරය පසුගියදා අවසන් මොහොතේ අවලංගු කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පාකිස්තනයේ දී ක්‍රීඩා කිරීමට කැමැත්ත පල කර ඇති නමුත්, ගැටලුව වී ඇත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින්, කණ්ඩායමක් එරටට පිටත් කර හැරීමට සීමිත කාලයක් පමණක් ඉතිරිව තිබීමයි.

“අපේ සභාපතිවරයා ඒ අයට (ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට) කතා කර කෙටි සංචාරයක හැකියාව ගැන සොයා බැලුවා. ඔවුන් ඉතා ඉහළින් එය පිළිගත්තා.” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් සදහන් කළා.

“නමුත් ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ගේ තහවුරු කරගත් සැලසුම් වෙනස් කර ගැනීමේ අසීරුතාවය වගේම ඔවුන්ගේ සමහර ක්‍රීඩකයින් විසිර ගොස් ඇති බව”

මේ අතර, newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු සදහන් කර ඇත්තේ සුදුසු අවස්ථාවකදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...