චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

අතරමගදී අත්හිටු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ඊයේ(19) ආරම්භ වූයේ තරගාවලියේ 30 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 20ක ජයක් හිමි කර දෙමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ මෙම තරග ජයග්‍රහනයත් සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින්.

චෙන්නායි හා දිල්ලි කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 6 බැගින් ජය ලබා හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග 7කදී තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10ක් ලබා තෙවන ස්ථානයේ පසුවනවා.

සිව්වන ස්ථානයේ රැදී සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...