තරුණියන්ගේ නැටුම් නිසා ඇෆ්ඝනිස්තානය තුළ IPL විකාශය තහනම් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

අයි.පී.එල් තරග විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඇතුළත් විය හැකි බැවින් එහි විකාශන කටයුතු එරට තුළ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.

සිනමාව, ක්‍රීඩාව වැනි විනෝදාස්වාදය සපයන බොහෝ අංශ සදහා එරට තුළ මේ වන විට විවිධ තහනම් පනවා ඇති අතර, කාන්තාවන්ට කිසිදු ක්‍රීඩාවට නිරත වීමට ද අවසර හිමි වන්නේ නැහැ.

අයි.පී.එල් තරග අතරතුර දී තරුණියන් නර්තනයෙන් එක්වීම සිදු විය හැකි වීම ද ඇෆ්ඝනිස්තානය තුළ අයි.පී.එල් තරග විකාශය තහනම් කිරීමට හේතු වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...