තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යළි සමු දෙයි

Date:

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව බංග්ලාදේශ පිතිකරු තමිම් ඉක්බාල් පවසනවා.

“I have been away from international cricket for quite some time, and the gap will not close. My chapter in international cricket is over,” යනුවෙන් තමිම් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කළා.

ඒ, ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට සති කිහිපයක් ඉතිරිව ඇති පසුබිමකයි. තමිම් ඉක්බාල් මෑතකදී එරට තේරීම් කමිටුව ද හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.

මීට පෙර 2023 වසරේදී ද ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නමුත්, දිනකට පසුව ඔහු එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට තීරණය කළා.

ඒ, එවකට අග්‍රාමාත්‍යවරිය වූ Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තමිම් ඉක්බාල් මේ වන විට 35 වන වියේ පසුවනවා. ඔහු ටෙස්ට් තරග 70ක්, එක්දින තරග 243 ක් හා විස්සයි 20 තරග 78 ක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...