Watch : පන්දුවක් වැදී කැඩී ගිය පිත්ත වෝනර්ගේ හිසේ වැදුණු හැටි

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේදී අපුර්ව සිදු වීමකට මුහුණ දීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර්ට අද(10) සිදු වුණා.

හෝබාර්ට්හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 164 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හරිකේන්ස් පිල කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 16.5 ක් අවසානයේදීයි.

සිඩ්නි තන්ඩර් ඉනිම අතරවාරයේ පන්දුවට පහර දෙමින් සිටියදී වෝනර්ගේ පිත්ත එක් අවස්ථාවක පන්දුවක් වැදීමෙන් කැඩී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

විශේෂත්වය වූයේ පිත්ත කැඩී යාමෙන් අනතුරුව ඔහුගේ පාලනයෙන් ගිලිහුණු පිත්තේ කොටසක් වෝනර්ගේ හිසෙහි පිටුපස ප්‍රදේශයේ වැදීමයි.

මෙම තරගයේදී වෝනර් පන්දු 66 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඒ, හතරේ පහර 7ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...