තමා සහ චෙන්නායි කණ්ඩායම අතර කිසිදු ගැටුමක් නැහැ – රයිනා

Date:

තමා සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර කිසිදු ගැටුමක් නොමැති බව එම කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සහ හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා පවසනවා.

ඒ, විදෙස් ක්‍රිකට් පුවත් වෙබ් අඩවියකට අදහස් දක්වමින්.

තමා මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවයි ඔහු එහිදී කියා සිටියේ.

ඒක පෞද්ගලික තීරණයක්. මට ආපසු එන්න සිද්ධ වුණා මගේ පවුල වෙනුවෙන්.

සුරේෂ් රයිනා මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ ඔහුගේ මාමා කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

තවත් ඥාති සහෝදරයෙකු ද මෙහිදී තුවාල ලබා සිටි අතර, පසුව ඔහු ද මිය ගියා.

එම පවුලේ තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව ද සදහන්.

කෙසේ වෙතත්, සුරේෂ් රයිනා මෙවර තරග වාරයෙන් ඉවත් වීම හේතුවෙන් ඔහුට අහිමි වන මුදල ඉන්දීය රුපියල් කෝටි 12.5ක්. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31)

කිසිදු ක්‍රීඩකයෙකු එවැනි මුදලක් වැදගත් හේතුවක් නොමැතිව අහිමි කර නොගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මම ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන සිටිනවා වුණත් මම තාම තරුණයි. මම බලාපොරොත්තුවනවා තවත් වසර 4ක් 5ක් පමණ අයි.පී.එල් ක්‍රීඩා කරන්න.

රයිනාගේ ඉවත් වීම සම්බන්ධයෙන් චෙන්නායි කණ්ඩායමේ හිමිකරු වන එන්.සිරිනිවාසන් පසුගියදා සිය අප්‍රසාදය පල කර තිබුණා.

කෙසේ වෙතත්, සුරේෂ් රයිනා සදහන් කරන්නේ එන්.සිරිනිවාසන් අදාළ ප්‍රකාශය සිදු කරන විට තමාගේ ඉවත්ව යාමට නිසි හේතු සාධක නොදැන සිටි බවයි.

ඔහු ඒ ප්‍රකාශය කරන අවස්ථාවේ දී දැනගෙන හිටියේ නැහැ හරියටම මොනවද හේතු කියලා මම ඉවත් වෙන්න. දැන් ඔහුව ඒ පිළිබද දැනුවත් කරලා තියෙන්නේ. පස්සෙ ඔහු මට පණිවිඩයකුත් එව්වා. අපි සාකච්ඡා කරා ඒ ගැන.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...