ඩිවිලියස්ගේ සමු ගැනීම ස්ථීර වෙයි

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තමා ගත් තීරණය වෙනස් නොකිරීමට දකුණු අප්‍රිකා හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියස් තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

2018 වසරේ මැයි මාසයේ දී ඩි විලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නමුත්, 20යි 20 ලීග් තරග සදහා ඔහු මේ දක්වා ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ඔහු යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ද කැමැත්තෙන් පසු වූ අතර, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවටයි වාර්තා පළ වුණේ.

ඔහු යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී එරට ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා පැවැති අතර, එම සාකච්ඡා මේ වන විට අවසන්ව ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළේ.

ඒ අනුව ඒ.බී. ඩි විලියස් ජාත්‍යන්තර පිටියට සමු දීමට ගත් තීරණය වෙනස් නොකිරීමටයි අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...