පන්දුව පළුදු කිරීම ගැන කමින්ස්, හේසල්වුඩ්, ස්ටක් සහ ලියෝන්ගෙන් නිවේදනයක්

Date:

2018 වසරේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ කේප් ටවුන් ටෙස්ට් තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සිව්දෙනා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබද පන්දු යවන්නන් ද දැන සිටි බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පසුගියදා ඉගි පළ කිරීමත් සමගයි.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක් සහ නේදන් ලියෝන් මෙම මාධ්‍ය නිවේදනය අද(18) නිකුත් කළ අතර, එම නිවේදනය ඔස්සේ ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සිව්දෙනා කිසිදු පෙර දැනුවත් වීමක් ලබා නොතිබූ බවයි.

අදාළ සිද්ධිය ප්‍රසිද්ධියේ හෙළිදරව් වන තුරු තමන් සිව් දෙනා ඒ පිළිබද කිසිවක් දැන නොසිටි බව ඔවුන් සදහන් කළා.

පන්දුව පළුදු කිරීමේ වරදට හසු වීම හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තහනමක් පැනවුණු අතර, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට ද වසරක තරග තහනමක් පැනවුණා.

කෙසේ වෙතත්, ඔවුන් තිදෙනා හැරුණු විට වෙනත් කිසිවෙකුත් පන්දුව පළුදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වී නොමැති බවටයි මීට පෙර අණාවරණය වී තිබුණේ.

නමුත්, පසුගියදා The Guardian පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් ඉගි පළ කර තිබුණේ පන්දු යවන්නන් ද ඒ සම්බන්ධයෙන් දැන සිටි බවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...